ඕමාන වෙරළ තීරයෙන් හමුවූ අපූරු සමුද්රීය විස්මය.. දුර්ලභ ගණයේ රෝස පැහැති ඩොල්ෆින් මසුන් පිරිසක් මතුවෙයි..
Thursday, 22 October 2026 - 16:58 | Views - 37
ඕමානයේ මස්කට් නගරයේ ක්වන්ටාබ් වෙරළ තීරය ආසන්නයේ දුර්ලභ ගණයේ රෝස පැහැති ඩොල්ෆින් මසුන් කිහිප දෙනෙකු මතු වීම හේතුවෙන් එහි පැමිණ සිටි සංචාරකයින් දැඩි ලෙස මවිතයට පත් වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
වෙරළට ඉතා ආසන්නයේ අලංකාර ලෙස පිහිනමින් සිටි මෙම අපූරු සමුද්රීය සතුන් සංචාරකයින්ගේ කැමරාවල සටහන් කරගෙන ඇති අතර, එම දර්ශන මේ වන විට සමාජ මාධ්ය හරහා වේගයෙන් පැතිර යමින් ලොව පුරා දැඩි කුතුහලයක් දනවා තිබෙනවා.
මූලාශ්රය - Gulf Times
Share This Article