පැයට කි.මී. 295ක වේගයෙන් එන 5වන කාණ්ඩයේ අතිබිහිසුණු සුළි කුණාටුවක්.. ලොව බලවත්ම 'චම්පි' පැසිෆික් සාගර කලාපයේ හටගනී..
Thursday, 22 October 2026 - 16:25 | Views - 106
පැයට කිලෝමීටර් 295කට ආසන්න වේගයකින් ගමන් කරනු ලබන අතිශය විනාශකාරී 5වන කාණ්ඩයේ සුළි කුණාටුවක් බටහිර පැසිෆික් සාගරය කලාපයේ හටගෙන තිබෙනවා.

මෙම සුපිරි සුළි කුණාටුව හඳුන්වනු ලබන්නේ චම්පි යන නමින්.

සුළගේ වේගය මත පදනම්ව 2026 වසරේ පෘථිවිය මත හටගත් බලවත්ම සුළි කුණටුව ලෙස ද චම්පි හඳුන්වනු ලබනවා.

එල් නිනෝ කාලගුණ විපර්යාසය සමඟින් සාගර ජලයේ අධික උෂ්ණත්වය හේතුවෙන් සුළි සුළඟ කෙටි කාලයක් තුළ මෙලෙස අතිශය ප්‍රබල තත්ත්වයට පත්ව ඇති බව කාලගුණ විද්‍යාඥයෝ පවසන්නේ.

චම්පි සුපිරි සුළි කුණාටුව ජපානයේ දකුණු දිග ඔකිනාවා දූපත් සමූහය දෙසට මේවන විට ගමන්කරනු ලබන අතර එය එළඹෙන සතිඅන්තයේදී එරටට කඩාවැදීමට නියමිතයි.

මෙය 2026 වසර තුළ ජපානයට බලපෑම් එල්ල කරන 30 වන නම් කළ කුණාටුව ලෙසද හඳුන්වනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top