කලා ක්ෂේත්රය තවත් ප්රවීණයෙකුට සමුදෙයි.. ප්රවීන රංගන ශිල්පී රහල් බුලත්සිංහල අභාවප්රාප්ත වෙයි.
දේශීය කලා ක්ෂේත්රයට අසමසම මෙහෙවරක් ඉටු කළ ප්රවීන රංගන ශිල්පී රහල් බුලත්සිංහල අභාවප්රාප්ත වී තිබෙනවා.
අභාවප්රාප්ත වන විට ඒ මහතා 73 හැවිරිදි වියේ පසුවූ අතර, කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස අවාසනාවන්ත ලෙස සමුගත්තා.
ඔහු ප්රවීන රංගන ශිල්පිනි සුසිලා කෝට්ටගේ මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා ද වන අතර, 'පෙම් මල් මාලා', 'ලෙෆ්ට් රයිට් සර්' සහ 'සාම කුමරු කතා' වැනි ජනප්රිය චිත්රපට මෙන්ම ටෙලි නාට්ය රැසකටම තම විශිෂ්ට රංගන දායකත්වය ලබා දී තිබෙනවා.
කලා ක්ෂේත්රයට පිවිසීමට පෙර ඒ මහතා බන්ධනාගාර නිලධාරියෙකු ලෙස ද කලක් රාජකාරි කර තිබීම විශේෂත්වයක්.
අභාවප්රාප්ත රහල් බුලත්සිංහලයන්ගේ දේහය හෙට (23) පෙරවරුවේ සිට කොළඹ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට නියමිත අතර, අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.