යාල ජාතික වනෝද්යානයේ 1 සහ 2 කලාප ඔක්තෝබර් 16 නැවත විවෘත කෙරේ
Wednesday, 14 October 2026 - 13:22 | Views - 39
පැවැති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ යාල ජාතික වනෝද්යානයේ 1 සහ 2 යන කලාප (Blocks 1 & 2) ඔක්තෝබර් 16 වනදා සිට නැවතත් දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
දැඩි වියළි කාලගුණය හමුවේ වනසතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ වනෝද්යානය තුළ මාර්ග පද්ධතියේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා පසුගිය සැප්තැම්බර් 14 වනදා සිට මෙම කලාප දෙක නැරඹීම තාවකාලිකව අත්හිටුවීමට වනජීවී බලධාරීන් පියවර ගෙන තිබුණා.
වනෝද්යානය මහජනතාව සඳහා විවෘත කිරීමෙන් අනතුරුව, එහි පිහිටි සංචාරක බංගලා සහ කඳවුරු භූමි වෙන් කරවා ගැනීමේ පහසුකම ලබන නොවැම්බර් 01 වනදා සිට නැවත ආරම්භ වනු ඇති
Share This Article