පියවරෙන් පියවර කොළඹට එන, පාද යාත්රාවේ අද ගමන් මග..
Wednesday, 14 October 2026 - 13:18 | Views - 44
සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා ආරම්භ කළ නිදහසේ පාද යාත්රාව අද (13) හතරවන දිනට වරකාපොළ නගරයෙන් නිට්ටඹුව දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
කෑගල්ල නගරයෙන් ආරම්භ කළ පාගමන ඊයේ තුන්වන දිනට වරකාපොළ නගරයෙන් අවසන් වුණා.
සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා සහ උන්වහන්සේට ගිහි ඇඳුම් ඇන්දවීමට විරෝධය පළ කරමින් මහා සංඝරත්නය දළදා මාළිගාව අභියසින් පා ගමනක් ආරම්භ කළේ ඉකුත් 10 වැනිදායි.
මේ අතර, ඥානසාර හිමිට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා දිවයිනේ ප්රදේශ රැසක අත්සන් ලබා ගැනීමේ වැඩසටහන් සහ පාගමන් තවදුරටත් ක්රියාත්මකයි.
ඒ අනුව, "මනුෂ්යත්වයේ, ආදරයේ, කරුණාවේ අත්සන" යන්න තේමා කරගනිමින් අත්සන් ලක්ෂ 50ක් ලබා ගැනීමේ වැඩසටහන අද පස්වන දිනටත් ක්රියාත්මක වනවා.
Share This Article