සෞදියේදී අනෝජන්ට පැනවූ මරණ දඬුවම අවලංගු කෙරෙයි..
Wednesday, 14 October 2026 - 13:03 | Views - 37
සෞදි අරාබියේදී මරණ දඬුවම නියමව වී සිටි අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම අහෝසි කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳව පවසා සිටියා.

ශ්‍රී ලංකා රජය විසින් දරන ලද අඛණ්ඩ රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය ප්‍රයත්නවල ප්‍රතිඵලයක් ලෙස මෙය සිදු වූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ.

සෞදි අරාබි රජය දැක්වූ සහයෝගය වෙනුවෙන් ද, අපගේ තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සහ නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති සහ සාමාජිකයින් මෙන්ම ශ්‍රී ලාංකික සහ සෞදි නීති කණ්ඩායම් දැක්වූ කැපවීම වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය සටහන මගින් පවසා තිබෙනවා.

කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ සිවරාසා අනෝජන් සෞදි අරාබියේ රැකියාවක් බලා පිටත්ව ගොස් ඇත්තේ, 2025 වසරේ සැප්තැම්බර් මස 04 වැනිදායි.

පසුගිය ජූලි මස 27 වැනිදා මුහුණුපොත ඔස්සේ ඔහු පළ කමෙන්ටුවකින් ආගමික අපහාසයක් සිදුව ඇති බවට චෝදනා එල්ල වුණා.

ඒ අනුව ඔහු සෞදි අරාබියේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කර කෙරුණා.

අනෝජන් පළමුව අල්-අහ්සා අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔහුට වසර පහක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබූ අතර මුල් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම දඬුවම මරණ දඬුවමක් බවට සංශෝධනය කළ බවයි වාර්තා වුණේ.

පසුව ඔහු සෞදි අරාබියේ දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටියා.

මෙවැනි පසුබිමකයි සෞදි අභියාචනාධිකරණය මගින් සිවරාසා අනෝජන් වෙත පනවන ලද මරණ දඬුවමට එරෙහිව සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබුණේ.

සෞදි නීතිඥ කණ්ඩායම විසින් මෙම අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණේ ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩායම සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා (අමීර් අජ්වාඩ්) සමඟ සාකච්ඡා කර අදාළ නීතිමය කරුණු අවසන් කිරීමෙන් අනතුරුවයි.

මෙම සිදුවීමට අදාළ අභියාචනය සූදානම් කිරීම සහ නීතිමය සහාය ලබා දීම සඳහා ජනාධිපති නීතිඥ අසාද් නාවාවි, ජනාධිපති නීතිඥ ෆායිසර් මුස්තාෆා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන අයගෙන් සමන්විත ශ්‍රී ලාංකික නීතිඥ නියෝජිත පිරිසක් පසුගියදා සෞදි අරාබිය බලා පිටත්ව ගියා.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top