ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Wednesday, 14 October 2026 - 13:13 | Views - 36
දිවයිනේ සියලුම පළාත්වලට බලපැවැත්වෙන පරිදි ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනය අද (14) පෙරවරු 11 සිට හෙට (15) අලුයම 1 දක්වා වලංගු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඒ අනුව, දිවයින පුරා බොහෝ ප්රදේශවල තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා.
එමෙන්ම, ගිඟුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අදාළ ප්රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
Share This Article