ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධ පෙත්සම සලකා බැලීමට ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්..
Wednesday, 14 October 2026 - 13:07 | Views - 34
සිර දඬුවම් නියම වූ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය විසින් ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබුවා.
ඒ අනුව අදාල පෙත්සම් සලකා බැලීම සඳහා අමල් රණරාජා, මහෙන් ගොපල්ලව සහ ප්රියන්ත ප්රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නම් කරනු ලැබුවා.
අදාල පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් තමන් ඉවත්වන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා දැනුම් දීමෙන් පසුවයි මෙම ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල නම් කරනු ලැබුවේ.
Share This Article