දුෂේනි - චතුරංග සුපිරි wedding එකේ , නොදුටු දසුන්.. (Photos)
Tuesday, 13 October 2026 - 16:31 | Views - 47
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර රංගන ශිල්පිනී දුෂේනි සිල්වා සහ ආකර්ෂණීය රංගන ශිල්පී චතුරංග කොඩිතුවක්කු කියන්නේ හැමෝම ආදරය කරන සුපිරි තරු යුවළක්.පසුගිය දිනවල හැමෝගෙම අවධානය දිනාගත් ඔවුන්ගේ සුරංගනා මංගල්‍යයේ දෙවැනි දිනය ඊයේ රාත්‍රියේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.පළමු දිනයේදී මෙන්ම දෙවැනි දිනයේදීත් මේ සුන්දර යුවළ තම විලාසිතාවන්ගෙන් සහ සොඳුරු ආදරණීය ඉරියව්වලින් මුළු මංගල සභාවම මවිතයට පත් කරන්න සමත් වුණා.ඊයේ රාත්‍රියේ විශේෂම කතාබහට ලක්වූ කාරණය වුණේ ඔවුන් සැරසී සිටි අලංකාර විලාසිතා ද්විත්වයයි. මුලින්ම සම්පූර්ණ සුදු පැහැයෙන් යුත් බටහිර පන්නයේ ඇඳුමකින් සැරසුණු දුෂේනි, සුරංගනා ලොවකින් පැමිණි කුමරියක මෙන් දිස්වූ අතර චතුරංගද ඊට මනාව ගැළපෙන බටහිර පන්නයේ සූට් එකකින් හැඩවී සිටියා.
Share This Article