'' සිරිලිය සවිය '' සිද්ධියට ශිරන්ති රාජපක්ෂ ලබන 16 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Tuesday, 13 October 2026 - 15:26 | Views - 39
"සිරිලිය සවිය" අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (13) නියෝග කළා.
ඒ, සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් දීලිප පිරිස් විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුවයි.
සිද්ධියට අදාල දෙවන සැකකාරිය විවෘත අධිකරණයේ නොසිටි අතර ඇය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා තම සේවාදායිකාව කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ ප්‍රතිකාර ලබන බවට පවසා වෛද්‍ය වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
සිද්ධියට අදාලව ඇප මත මුදා හරිනු ලැබු පළමු සැකකරු වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් අද (13) අධිකරණයේ පෙනී සිටියා.
Share This Article