එයාර් බස් සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 27 දක්වා යළි රිමාන්ඩ්..
Tuesday, 13 October 2026 - 13:15 | Views - 45

එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 27 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (13) නියෝග කළා.
සැකකරු සම්බන්ධයෙන් අධිකරණයේ දි සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවිම නිසා මෙලෙස නියෝග කළා.
සැකකරුට එරෙහිව වහාම අධි වෝදනා ගොනු කර අධිකරණයට වර්තා කිරිමට ද අල්ලස් කොමිසමට නියෝග කරනු ලැබුවා.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම විසින් කරන ලද මෙම විමර්ශනයට අදාලව ඒකාබද්ධ අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.
පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාල විමර්ශන අවසන් අතර, විමර්ශන උදෘත නිතිපතිවරයාට යොමු කර ඇති බවයි.
ස්ථීර ත්‍රිපුගල මහාධිකරණය හමුවේ මෙම සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා භාර දී විනිසුරන් තිදෙනෙක් යටතේ නඩු විභාග කිරීමට අගවිනිසුරුවරයාගෙන් ඉල්ලිමක් කර තිබෙන බවද මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව මේ නඩුව මින් ඉදිරියට මෙම අධිකරණයේ නොකැඳවන බවද නියෝජ්‍ය සොලිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.
මෙම සිද්ධියේ පස්වන සැකකරු ලෙස ඩිස්සොලුෂන් සමාගම නම් කරන බවද අධිකරණයට දැනුම් දුන්නා.
Share This Article