කර්තෘ භාග අය කිරීම තාවකාලිකව නවතයි ! සිත් රිදවීම් ගැන ACPOSL කනගාටුව පළ කරයි..
Tuesday, 13 October 2026 - 13:10 | Views - 45
ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් සිය කර්තෘභාග ගාස්තු (Royalty Fees) ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව සියලුම බලපත්‍රකරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ, පසුගිය සති කිහිපය තුළ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ විවිධ පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිචාර සහ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව ACPOSL අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව, මෙම තාවකාලික අත්හිටුවීම 2026 නොවැම්බර් මස පැවැත්වීමට නියමිත සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම දක්වා බලපැවැත්වෙනු ඇති බවත් එහි සඳහන්.

එසේම, මෙම තාවකාලික අත්හිටුවීම හේතුවෙන් ACPOSL සතු අයිතිවාසිකම්, නෛතික ප්‍රතිකර්ම හෝ නෛතික ස්ථාවරත්වයට කිසිදු අගතියක් සිදු නොවන බවද එම සංගමය අවධාරණය කරනවා.

තවද, පසුගිය දිනවල ඇති වූ තත්ත්වයන් හේතුවෙන් යම් පාර්ශවයකට හෝ ජනතාවට අපහසුතාවක් හෝ සිත් රිදවීමක් සිදු වූයේ නම් ඒ පිළිබඳව කනගාටුව පළ කරන බව ACPOSL ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

යෝජිත බලපත්‍ර රාමුව සහ ඊට අදාළ ගාස්තු සමාලෝචනය කර යළි සකස් කිරීම සඳහා ක්ෂේත්‍රයේ සියලු පාර්ශවකරුවන් සමඟ විධිමත් සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත්, ම සාකච්ඡාවලින් අනතුරුව සංශෝධිත රාමුව නොවැම්බර් මස පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීමේදී සාමාජිකත්වයට ඉදිරිපත් කිරීමටත්, අනතුරුව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් නියමිත බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. 

May be an image of text

May be a graphic of text


Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top