එයාර් බස් සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 27 දක්වා යළි රිමාන්ඩ්..
Tuesday, 13 October 2026 - 13:15 | Views - 46
එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 27 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (13) නියෝග කළා.

සැකකරු සම්බන්ධයෙන් අධිකරණයේ දි සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවිම නිසා මෙලෙස නියෝග කළා.

සැකකරුට එරෙහිව වහාම අධි වෝදනා ගොනු කර අධිකරණයට වර්තා කිරිමට ද අල්ලස් කොමිසමට නියෝග කරනු ලැබුවා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම විසින් කරන ලද මෙම විමර්ශනයට අදාලව ඒකාබද්ධ අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාල විමර්ශන අවසන් අතර, විමර්ශන උදෘත නිතිපතිවරයාට යොමු කර ඇති බවයි.

ස්ථීර ත්‍රිපුගල මහාධිකරණය හමුවේ මෙම සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා භාර දී විනිසුරන් තිදෙනෙක් යටතේ නඩු විභාග කිරීමට අගවිනිසුරුවරයාගෙන් ඉල්ලිමක් කර තිබෙන බවද මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව මේ නඩුව මින් ඉදිරියට මෙම අධිකරණයේ නොකැඳවන බවද නියෝජ්‍ය සොලිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.

මෙම සිද්ධියේ පස්වන සැකකරු ලෙස ඩිස්සොලුෂන් සමාගම නම් කරන බවද අධිකරණයට දැනුම් දුන්නා.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top