'දිට්වා' කුණාටුවෙන් පසු උඩරට දුම්රිය මාර්ගයට නව ප්‍රවාහන පහසුකමක්.. පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර නව දුම්රිය ධාවනය අද සිට..
Monday, 12 October 2026 - 10:43 | Views - 45
පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර ගමන් කරන පාසල් සිසුන්ගේ මෙන්ම අනෙකුත් මගී ජනතාවගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් නව දුම්රියක් අද (12) දින සිට ධාවනයට එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ බාධා වලින් අනතුරුව, පසුගිය 02 වනදා සිට උඩරට මාර්ගයේ රඹුක්කන සහ ගම්පොළ අතර දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර මේ වන විට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ලබනවා.

මීට සමගාමීව, පොල්ගහවෙල - පේරාදෙණිය අතර දුම්රිය ප්‍රවාහන පහසුකම් අපේක්ෂා කරන පාසල් ළමුන් සහ අනෙකුත් මගීන්ගේ පහසුව උදෙසා අද දින සිට දිනපතා මෙම නව දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top