ඥානසාර හිමිට නිදහස ඉල්ලන 'නිදහසේ පාද යාත්‍රාව' 3 වන දිනයටත් කෑගල්ලෙන් ඇරඹෙයි..
Monday, 12 October 2026 - 10:14 | Views - 35
සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා ආරම්භ කළ "නිදහසේ පාද යාත්‍රාව" අද (12) තෙවන දිනට කෑගල්ලෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

දෙවන දිනට කඩුගන්නාව නගරයෙන් ඊයේ ආරම්භ කළ පාගමන කෑගල්ල දක්වා පැමිණි අතර, අද එතැන් සිට වරකාපොළ දක්වා ගමන් කරනු ඇති.

සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් සහ උන්වහන්සේට ගිහි ඇඳුම ඇන්දවීමට විරෝධය පළ කරමින් මහා සංඝරත්නය පා ගමනක් ආරම්භ කළේ පෙරේදා දිනයේයි.

එමෙන්ම, ඥානසාර හිමිට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ, පානදුර, හොරණ, පිටිගල, කැකිරාව, කළුතර සහ ගාල්ල ඇතුලු දිවයිනේ ප්‍රදේශ රැසක අත්සන් ලබා ගැනීමේ වැඩසටහන් සහ පාගමන් ක්‍රියාත්මක කෙරුණා.

මේ අතර, ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට විරෝධය පළ කරමින් නිහඬ පා ගමන උන්වහන්සේගේ උපන්ගම වන කරන්දෙණිය ප්‍රදේශයේදී සංවිධාන කර තිබූ අතර, ඥානසාර හිමිගේ මව ද ඊට එක්ව සිටීම විශේෂත්වයක්.

එමෙන්ම, සිරදඬුවම් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා "ශ්‍රී ලාංකික යුතුකම ඉටු කරමු" තේමාවෙන් අත්සන් ලක්ෂ 50ක් ලබා ගැනීමේ වැඩසටහන ද තවදුරටත් ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top