ප්‍රවේශම් වෙන්න... ලොකු අනතුරක් වෙන්න පුළුවන්... රට පුරා පැතිර යන අලුත්ම උණ වෛරසයෙන් ගර්භණී මව්වරුන්ට දැඩි අවදානමක්..
Sunday, 11 October 2026 - 16:20 | Views - 49
මේ දිනවල රට පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින ඉන්ෆ්ලුවන්සා වෛරසය හමුවේ ගර්භණී මව්වරුන් දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දී සිටින බවට ප්‍රසව හා නාරිවේද විශේෂඥ මහාචාර්ය සනත් ලැනරෝල් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඊයේ (10) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළා.

වෛරසයේ ව්‍යාප්තිය අතින් ගර්භණී මව්වරුන් ඉතා සංවේදී කාණ්ඩයක් වන බැවින්, ඔවුන් මේ දිනවල විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව විශේෂඥවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

රෝගය ආසාදනය වීමට ප්‍රථමයෙන් ලබා දෙන ඉන්ෆ්ලුවන්සා එන්නත (Influenza Vaccine) ලබා ගැනීම මඟින් මෙම මාරාන්තික අවදානමෙන් ගර්භණී මව්වරුන් ආරක්ෂා කර ගැනීමට හැකි වන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් මෙන්ම සෙසු පවුලේ සාමාජිකයන් ද මේ දිනවල උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ගැන දැඩි අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top