බ්‍රේක් වෙනුවට ඇක්සලේටරය පෑගී ලොරියක් කඩේ පඩිපෙළ නඟී.. අසල සිටි කාන්තාවකගේ ජීවිතයත් අනූනවයෙන් බේරෙයි..
Sunday, 11 October 2026 - 14:23 | Views - 54
හැටන් නගරයේ පෞද්ගලික වෙළෙඳසැලක් ඉදිරිපිට නතර කර තිබූ ලොරි රථයක් වෙනත් ස්ථානයක ගාල් කිරීමට යාමේදී හටගත් හදිසි අනතුරකින් ලොරි රථයට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කරන පරිදි, නතර කර තිබූ ලොරි රථය වෙනත් ස්ථානයකට ගෙන යාමට උත්සාහ කිරීමේදී රියදුරුට තිරිංග (Brake) වෙනුවට අත්වැරදීමකින් ඇක්සලේටරය (Accelerator) පෑගී තිබෙනවා.
පාලනයෙන් ගිලිහුණු රථය අසල තිබූ වෙළෙඳසැලක පියගැටපෙළ මතින් ඉදිරියට ගොස් අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටී නතර වී තිබෙන අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථය අසලින් කාන්තාවක් ද ගමන් කරමින් තිබී ඇති අතර, ලොරි රථය පහළට පෙරළී ගියේ නම් ඇයට ද දැඩි අනතුරක් සිදුවීමට ඉඩ තිබුණා.
කෙසේ වෙතත්, වාසනාවකට මෙන් මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර, ලොරි රථයට පමණක් දැඩි ලෙස හානි සිදුවී තිබෙනවා.
Share This Article