අම්පාර අරන්තලාවේ අතිශය සංවේදී සිදුවීමක්.. අනවසර විදුලි සැර වැදී දිවි අහිමි වූ පුංචි අලි පැටවා
අම්පාර, අරන්තලාව ප්‍රදේශයේදී අනවසරයෙන් අදින ලද විදුලි රැහැනකට හසුවීමෙන් වනඅලි පැටවෙකු විදුලි සැර වැදී අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව වනජීවී නිලධාරීන් පවසනවා.
මෙලෙස අමානුෂික ලෙස විදුලි සැර වැදී මියගොස් ඇත්තේ වයස අවුරුදු 05ක් පමණ වන කුඩා වනඅලි පැටවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ වනජීවී නිලධාරීන් විසින් අදාළ ප්‍රදේශයේ අනවසරයෙන් විදුලිය ඇද දැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
නැගෙනහිර වනජීවී සහකාර අධ්‍යක්ෂ එච්.ජී. වික්‍රමතිලක මහතාගේ විශේෂ උපදෙස් පරිදි මහඔය අලි පාලන ඒකකයේ නිලධාරීන් මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සක්‍රියව සිදුකරනු ලබනවා.