අම්පාර අරන්තලාවේ අතිශය සංවේදී සිදුවීමක්.. අනවසර විදුලි සැර වැදී දිවි අහිමි වූ පුංචි අලි පැටවා
Sunday, 11 October 2026 - 15:09 | Views - 41
අම්පාර, අරන්තලාව ප්‍රදේශයේදී අනවසරයෙන් අදින ලද විදුලි රැහැනකට හසුවීමෙන් වනඅලි පැටවෙකු විදුලි සැර වැදී අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව වනජීවී නිලධාරීන් පවසනවා.

මෙලෙස අමානුෂික ලෙස විදුලි සැර වැදී මියගොස් ඇත්තේ වයස අවුරුදු 05ක් පමණ වන කුඩා වනඅලි පැටවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ වනජීවී නිලධාරීන් විසින් අදාළ ප්‍රදේශයේ අනවසරයෙන් විදුලිය ඇද දැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

නැගෙනහිර වනජීවී සහකාර අධ්‍යක්ෂ එච්.ජී. වික්‍රමතිලක මහතාගේ විශේෂ උපදෙස් පරිදි මහඔය අලි පාලන ඒකකයේ නිලධාරීන් මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සක්‍රියව සිදුකරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top