පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීම් ගීතයකට නඟමින් සංගීත ලෝකය යළි ජයගත් ඇෂේගේ අපූරු කතාව..
Sunday, 11 October 2026 - 15:00 | Views - 45
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක් ඇසුරෙන් නිර්මාණය කළ ‘Stop the Wedding’ ගීතය මේ වනවිට ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේ නිකුත් කළ මෙම ගීතය, මේ සතියේ Spotify හි ලොව වැඩිම වාර ගණනක් වාදනය වූ ගීත 10 අතරට එක්ව ඇති අතර, සිකුරාදා වනවිට එක්සත් රාජධානියේ ගීත දර්ශකයේ මුල් ගීත පහ අතරට ද පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එමෙන්ම, TikTok සමාජ මාධ්‍යයේ දහස් ගණනක් දෙනා තම සබඳතාවල පවතින අනතුරුදායක ලක්ෂණ පිළිබඳව අදහස් දැක්වීමට මෙම ගීතය භාවිත කරන බවයි වාර්තා වන්නේ.

ඇෂේ පවසන පරිදි, මෙම ගීතය නිර්මාණය කිරීමට අදහස ඇති වී තිබෙන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ඇයගේ දෙවැනි විවාහ මංගල දිනයේදීයි.

ඇය නැෂ්විල්හි කඳු මුදුනක පැවැත්වීමට සූදානම් කර තිබූ එම විවාහ මංගල උත්සවයට සූදානම් වෙමින් සිටියදී, සිය පළමු විවාහය පිළිබඳ මතකයන් නැවත සිහිපත් වී තිබෙනවා.

විද්‍යාලයේදී හඳුනාගත් සිය පළමු සැමියා සමග පැවැති විවාහය ඇය විස්තර කරන්නේ ඉතා අමිහිරි අත්දැකීමක් ලෙසයි.

ඔහු තමන්ට මානසික පීඩනයක් එල්ල කළ බවත්, හැඟීම් පාලනය කිරීම තුළින් තමන්ට බලපෑම් කළ බවත්, ඇය පවසනවා.

එම විවාහය සඳහා මුහුදු වෙරළක් තෝරාගැනීමට ඇගේ හිටපු සැමියා දැඩිව අවධාරණය කර තිබූ අතර, ඇයට මුහුද සම්බන්ධයෙන් බියක් ද පැවතී තිබෙනවා.

විවාහයට පෙර එය අවලංගු කිරීමට ඇයට සිතුණද, තමන් වෙනුවෙන් තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයක සිටි බව ඇය සඳහන් කරනවා.

කෙසේ වෙතත්, දෙවැනි විවාහ මංගල දිනයේදී ඇයට තම ජීවිතය පිළිබඳ තීරණ ගැනීමට ඇති නිදහස පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබී තිබෙනවා.

එම අවබෝධයත් සමග, තමන්ට යම් දෙයක් සුදුසු නොවන බව හැඟුණහොත් එය නතර කිරීමට තමන්ට හැකි බව ඇය වටහාගෙන ඇති බව සඳහන්.

පළමු විවාහයේදී එවැනි නිදහසක් තමන්ට නොතිබූ බවයි ඇය පවසන්නේ.

මාස දෙකකට පමණ පසු නැවත සංගීත කටයුතුවල නිරත වෙමින් සිටියදී මෙම අත්දැකීම ගීතයක් බවට පත් කිරීමේ අදහස ඇයට ඇති වී තිබෙනවා.

‘Stop the Wedding’ ගීතය තුළින් ඇෂේ තම අතීතයේ සිටි තරුණ තමන්ටම උපදෙස් දෙන ආකාරයෙන්, තම හැඟීම් විශ්වාස කරමින් ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ වැදගත්කම ඉදිරිපත් කරනවා.

එහි විවාහ මංගල උත්සවයක් අතරතුර සිය තීරණය නැවත සලකා බලන කාන්තාවකගේ අත්දැකීම නිරූපණය වන බව ඇය සඳහන් කරනවා.

“ඒ කාලයේ කවුරුන් හෝ මට මම මේ තත්ත්වයේ සිරවී නැති බවත්, එයින් ඉවත් විය හැකි බවත්, කියා දුන්නා නම්, මට මගේ ජීවිතයේ දේවල් ඊට කලින් වෙනස් කරගන්න තිබුණා,” යනුවෙන් ඇෂේ පවසා තිබෙනවා.

මෙම ගීතය ලැබූ ජනප්‍රියත්වය තමන් කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක් බව ද ඇය සඳහන් කරනවා.

විශේෂයෙන්ම, මීට වසර තුනකට පෙර සංගීත ක්ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට පවා සිතා සිටි පසුබිමක මෙම සාර්ථකත්වය තමන්ට තවත් විශේෂ හැඟීමක් ගෙන දෙන බවයි ඇය පවසන්නේ.

ගායිකාවකගේ පෞද්ගලික අත්දැකීමකින් උපන් මෙම ගීතය, මේ වනවිට ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය දිනාගත් නිර්මාණයක් බවට පත්ව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top