අධ්‍යාපන චාරිකාව අවසන් වුණේ මහ ඛේදවාචකයකින්.. සමනල වැවේ සැඟව ගිය අහිංසක ජිවිතය..
Sunday, 04 October 2026 - 17:24 | Views - 38
මොණරාගල සිට සබරගමුව විශ්වවිද්‍යාලය බලන්න අධ්‍යාපන චාරිකාවට ආ සිසුවෙක් සමනල වැවේ නෑමට ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි සමනලවැව පොලිසිය පවසනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ කිරියන්කුඹුර, බිබිල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

මොණරාගල ප්‍රදේශයේ සිට සබරගමුව විශ්වවිද්‍යාලය නැරඹීම සඳහා අධ්‍යාපන චාරිකාවක් පැමිණි සිසුන් පිරිසක් කූරගල පුදබිමට යන අතරතුර සමනල වැව වේල්ල නැරඹීම සඳහා බස් රථ නවතා ඇති අවස්ථාවක මෙම අනපේක්ෂිත අනතුරක් සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එහිදී එක් බස් රථයක පැමිණි සිසුන් තිදෙනෙකු දිය නෑමට සූදානම්ව ජල කාන්දුව අසලට බැස ඇති අතර, එම අවස්ථාවේ එක් සිසුවෙකු ජල පහරට හසුව අතුරුදන් වී ඇති බවට සමනල වැව පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ සමඟම පොලිසිය විසින් වහාම විමර්ශන හා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබුණා.

ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකින් අනතුරුව අතුරුදන් වූ දරුවාගේ මෘත ශරීරය සොයාගෙන තිබෙනවා.

මේ වන විට මෘත ශරීරය බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සමනල වැව පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top