පැය 24ක් ඇතුළත දිවයින පුරා රිය අනතුරුවලින් 4ක් මරුට.. පාරට බහින අයට පොලිසියෙන් හදිසි නිවේදනයක්..
Sunday, 04 October 2026 - 12:15 | Views - 63
ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව කළුතර උතුර, දියගම ප්‍රදේශයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් මියගිය 23 හැවිරිදි තරුණයාගේ උපන්දිනය ඊයේ (03) දිනයට යෙදී තිබීම අතිශය සංවේදී කරුණක්.

මෙම අනතුරින් මියගිය අනෙක් තැනැත්තිය 16 හැවිරිදි වියේ පසුවූ තරුණියක් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කිතුල්උතුව ප්‍රදේශයේදී සිදු වූ තවත් රිය අනතුරකින් 47 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම අම්පාර, ධර්මපාල මාවතේදී කල්මුණේ දෙසට ධාවනය වූ වෑන් රථයක් ඊට ඉදිරියෙන් ගමන් කළ ත්‍රිරෝද රථයක පිටුපස ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් තවත් කාන්තාවක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උඩවලව ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක්.

සිදුවූ සියලුම අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන කටයුතු සක්‍‍රියව සිදුකරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top