"හිරු දරුවෝ 2026" අතිඋත්කර්ෂවත් ලෙස නිමා වෙයි.. මීගමුව වෙරළ තීරය හොල්ලපු අමතක නොවන මොහොත..
Saturday, 03 October 2026 - 21:20 | Views - 28
හිරු..... දරුවන් වෙනුවෙන් ලබා දෙන්නේ අමතක නොවන සොඳුරු අත්දැකීම් සමුදායක්.

මෙවරත් ලෝක ළමා දිනය සමරමින් හිරු ටීවී අපේ ළමා පරපුරට ගෙන එන තිළිණය "හිරු දරුවෝ" අද මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වුණා.

නැටුම්, ගැයුම් මෙන්ම විනෝදාස්වාදන අංග රැසකින් විචිත්‍රවත් වූ මේ අවස්ථාවට "අකුරට යන වෙලාවේ" ටෙලි නාට්‍යයේ ළමා නළු නිළියන් ඇතුළු හිරු ටෙලි පෙරහරේ කලා තරු ද එක්ව සිටියා.

දරුවන්ගේ රසාස්වාදය වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ හපන්කම් ඇගයෙන ක්‍රීඩා සහ විනෝදාස්වාද අංග රැසකින් මෙවරත් හිරු දරුවෝ වැඩසටහන සමන්විත වුණා.

වැල්ලවාය රියෝ සංගීත කණ්ඩායමේ සංගීතය රසවිඳින්නටත් මපට් සංදර්ශන, මැජික් සංදර්ශන මෙන්ම සර්කස් සංදර්ශන නැරඹීමේ අවස්ථාවත් මෙහිදී පුංචි දරුවන්ට උදාවුණා.

එමෙන්ම හිරු ටීවී ඔස්සේ විකාශය වන "අකුරට යන වෙලාවේ", "රොන් සොයා","පාට කුරුල්ලෝ" ඇතුළු ටෙලි නාට්‍යවල ජනප්‍රිය තරු සමග ඡායාරූප ගැනීමට වගේම ඔවුන් සමග කතාබහ කිරීමටත් පොඩිත්තන්ට අවස්ථාව හිමි වුණා.

ඊට අමතරව හිරු පොඩි වැඩ්ඩෝ වැඩසටහනට කටකාර පොඩ්ඩන් තෝරා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ද මෙහිදී පැවැත්වුණේ දරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්.

ලෝක ළමා දිනය වෙනුවෙන් හිරු ටීවී දීපව්‍යාප්තව සංවිධාන කළ චිත්‍ර තරගයෙන් තෝරාගත් චිත්‍ර 100ක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර ඒ අතරින් කාණ්ඩ 2 ක් යටතේ තෝරාගත් ජයග්‍රාහක දූදරුවන්ට ත්‍යාග ප්‍රදානයත් සිදුකෙරුණා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top