හිරු දරුවෝ 2026 මීගමුව වෙරළ තීරයට.. ලෝක ළමා දිනයට හිරු TV වෙතින් දැවැන්ත තිළිණයක්..
ලෝක ළමා දිනය වෙනුවෙන් හිරු TV මෙරට ළමා පරපුර වෙනුවෙන් වාර්ෂිකව පිරිනමනු ලබන අමතක නොවන සොඳුරු අත්දැකීම් සමුදායේ තවත් පියවරක් ලෙස "හිරු දරුවෝ 2026" වැඩසටහන අද (03) පස්වරු 1.00 සිට මීගමුව වෙරළ උද්‍යානයේදී මේ වන විට පැවැත්වෙනවා.
නැටුම්, ගැයුම් මෙන්ම විනෝදාස්වාදන අංග රැසකින් විචිත්‍රවත් වන මෙම අභිමානවත් අවස්ථාව සඳහා ප්‍රේක්ෂක ආදරය දිනූ "අකුරට යන වෙලාවේ" ටෙලි නාට්‍යයේ ළමා නළු නිළියන් ඇතුළු හිරු ටෙලි පෙරහරේ ජනප්‍රිය කලා තරු රැසක් ද එක්වීමට නියමිතයි.
මෙම අසිරිමත් අත්දැකීම විඳගැනීම පිණිස දිවයිනේ නන්දෙසින් පැමිණෙන දූ දරුවන් සඳහා සුන්දර මෙන්ම විචිත්‍රවත් වැඩසටහන් සමුදායක් මෙවරත් හිරු මාධ්‍ය ජාලය මගින් සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව, වැල්ලවාය රියෝ සංගීත කණ්ඩායමේ නාද රටාවන්ට අනුව පොඩ්ඩන්ට නටමින් විනෝද වීමටත්, මපට් සංදර්ශන, මැජික් සංදර්ශන, බවුන්සර් කාසල් ඇතුළු විනෝද ක්‍රීඩා රැසකට එක්වෙමින් වටිනා තෑගි බෝග ජයග්‍රහණය කිරීමටත් මෙවර "හිරු දරුවෝ 2026" මහා මංගල්‍යයෙන් අවස්ථාව උදාවනවා.