මත්ද්‍රව්‍ය ජාවාරමින් හම්බකරපු කෝටි 4.4ක දේපළ අක්‍රීය කරයි.. මීගමුවේ කාන්තාවකට වැඩ වරදියි..
මීගමුව ප්‍රදේශයේ කාන්තාවක් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 44.5කට අධික වටිනාකමකින් යුත් දේපළ දින 14ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමට (අක්‍රීය කිරීමට) නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබෙනවා.
මීගමුවේ පදිංචි පුද්ගලයෙකු සහ කාන්තාවක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම මගින් විශාල ලෙස වත්කම් උපයාගෙන ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.
එම විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව, අදාළ කාන්තාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් යොදවා කටුනේරිය ප්‍රදේශයේ මිලදී ගෙන තිබූ රුපියල් ලක්ෂ 95ක් පමණ වටිනා ඉඩමක් සහ එහි ඉදිකර ඇති රුපියල් කෝටි 3.5ක් වටිනා දෙමහල් නිවසක් මෙලෙස මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව අක්‍රීය කිරීමට පියවර ගෙන තිබෙනවා.
නීති විරෝධී ලෙස උපයාගත් වත්කම් සම්බන්ධයෙන් ඉදිරියටත් විමර්ශන ක්‍රියාත්මක වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.