විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් තොරතුරු දෙන්න , 1818 ක්ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මකයි..
Wednesday, 30 September 2026 - 16:00 | Views - 43
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් ක්‍රියාත්මක වන "රටම එකට" ජාතික මෙහෙයුමට සමගාමීව හඳුන්වා දුන් 1818 ක්ෂණික ඇමතුම් අංකය මේ වන විට පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දිවයින පුරා සිදුවන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්, බෙදාහැරීම් හෝ ඊට අදාළ ඕනෑම සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දීම සඳහා මෙම දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා.
තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන අතර, එම තොරතුරු මත පදනම්ව ඉතා කඩිනමින් ක්‍රියාත්මක වීම ද මෙහි ඇති විශේෂත්වයක්.
මෙම සේවාව ජනාධිපති කාර්යාලයේ සහ "රටම එකට" ජාතික මෙහෙයුම් සභාවේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකයි.
Share This Article