හිටපු ජනපති රනිල්ගේ නඩුව ලබන නොවැම්බර් 11 වැනිදා තෙක් කල් තැබෙයි
Wednesday, 30 September 2026 - 14:11 | Views - 39
රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවේ විමර්ශන අවසන් බව නිතිපතිවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ අද (30) දැනුම් දුන්නා.
ඒ අනුව එම නඩුවේ නිතිපති උපදෙස් සඳහා නඩු ගොනුවේ උදෘත නිතිපතිවරයා වෙත යොමු කර ඇති බව රජයේ නිතීඥ සමදරී පියසේන අධිකරණයට දැනුම් දුන්නා.
ඒ හේතුවෙන් පැමිණිල්ලේ ස්ථාවරය දැන්වීමට ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට රජයේ නිතීඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් නිතිපති උපදෙස් සදහා ලබන නොවැම්බර් මස 11 වැනිදා තෙක් නඩුව කල් තැබීමට නියම කළා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණා.
Share This Article