කඩුගන්නාවේ ආරවුලක් දුරදිග යාමෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු මරුට..
Wednesday, 30 September 2026 - 15:51 | Views - 42
කඩුගන්නාව, බැලුන්ගල ප්‍රදේශයේදී ඊයේ (29) සවස සිදුවූ පහරදීමකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ 38 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

කඩුගන්නාව පොලිසිය සඳහන් කළේ, මත්පැන් බෝතලයක් බිඳ එහි කැබැල්ලකින් මරණකරුගේ පපු ප්‍රදේශයට ඇනීමෙන් මෙම මරණය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

මරණකරු සහ ඔහුගේ සහෝදරියගේ පුත්‍රයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරුද මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා. 


Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top