බිලියනපති ගායිකාවගේ නවතම ව්‍යාපාරික උපක්‍රමය? බියොන්සේගේ හිස් ලී පෙට්ටිය ඩොලර් 1,000කට අලෙවියට..
Friday, 11 September 2026 - 19:02 | Views - 210
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය සහ ඇයගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් ඉතා සීමිත සංස්කරණයක් ලෙස හඳුන්වා දී ඇති නවතම භාණ්ඩ මාලාව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

එහිදී ඇය විසින් අලෙවි කරනු ලබන 'Bey Keeper Collector's Box' නමින් හැඳින්වෙන ලී පෙට්ටියක මිල අමෙරිකානු ඩොලර් 948.01 ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 300,000 කට ආසන්න ප්‍රමාණයක්) වීම හේතුවෙන් රසිකයන් දැඩි පුදුමයට හා විමතියට පත්ව ඇති බව වාර්තා වුණා.

මෙම ලී පෙට්ටිය විශේෂ සීමිත සංස්කරණයක් ලෙස නිෂ්පාදනය කර ඇත්තේ පිටපත් 500 ක් පමණක් වන අතර, බියොන්සේගේ උපන්දිනය වන සැප්තැම්බර් 4 වැනි දින සංකේතවත් කරමින් මෙම අමුතු මිල (9/4) නියම කර තිබෙනවා.

වයිනයිල් (vinyl) තැටි ගබඩා කිරීම සහ ප්‍රදර්ශනය කිරීම සඳහා සකස් කර ඇති මෙම පෙට්ටිය සෝන් පයින් (pine) ලීයෙන් අතින් සකස් කර, කොළ පැහැති වෙල්වට් රෙද්දකින් අභ්‍යන්තරය ආවරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, රසිකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇත්තේ මෙම ඉහළ මිල ගෙවා මිලදී ගත්තද, ඒ සමඟ කිසිදු සංගීත තැටියක් (vinyl records) නොලැබීමත් මෙහි ඇති විශේෂත්වයක්.

පෙට්ටිය ඇතුළත සම්පූර්ණයෙන්ම හිස්ව පැවතීම සහ සාමාන්‍ය ලී පෙට්ටියක් සඳහා මෙතරම් අධික මිලක් නියම කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ගායිකාවට දැඩි විවේචන එල්ල වී ඇති අතර, බිලියනපතියෙකු වන ඇය මෙලෙස තවදුරටත් මුදල් ඉපැයීමට උත්සාහ කිරීම කණගාටුදායක තත්ත්වයක් බව ඇතැම් රසිකයන් පෙන්වා දෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top