ගතවූ දින කිහිපයේ ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක්.. සෞඛ්‍ය බලධාරීන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..
Monday, 17 August 2026 - 17:09 | Views - 29
ගතවූ දින කිහිපයේ ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක්.. සෞඛ්‍ය බලධාරීන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..

2026 වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,254 ක් දක්වා දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර සිටිනවා.

ගතවූ දින 16 ක කෙටි කාල සීමාව තුළ පමණක් ඩෙංගු රෝගීන් 6,914 දෙනෙකු අලුතින් වාර්තා වීම මෙම ශීඝ්‍ර ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

මෙලෙස වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් අතුරින් වැඩිම ප්‍රතිශතයක් වන සියයට 21.32 ක පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එය දිස්ත්‍රික් මට්ටමින් වාර්තා වූ ඉහළම අගයයි.

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 68 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා.


Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
ලන්ඩනයේ පැවැති 'Spider-Man: Brand New Day' චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා ලොව පුරා ප්‍රසිද්ධ තාරකාවන්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top