ගතවූ දින කිහිපයේ ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක්.. සෞඛ්‍ය බලධාරීන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..
Monday, 17 August 2026 - 17:09 | Views - 169
ගතවූ දින කිහිපයේ ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක්.. සෞඛ්‍ය බලධාරීන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..

2026 වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,254 ක් දක්වා දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර සිටිනවා.

ගතවූ දින 16 ක කෙටි කාල සීමාව තුළ පමණක් ඩෙංගු රෝගීන් 6,914 දෙනෙකු අලුතින් වාර්තා වීම මෙම ශීඝ්‍ර ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

මෙලෙස වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් අතුරින් වැඩිම ප්‍රතිශතයක් වන සියයට 21.32 ක පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එය දිස්ත්‍රික් මට්ටමින් වාර්තා වූ ඉහළම අගයයි.

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 68 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top