වසර 10ක ආදර කතාවට මංගල සීනු.. රොනාල්ඩෝ සහ ජෝර්ජිනා යුග දිවියට එළඹෙයි.
ලොව පුරා සමාජ මාධ්‍ය තුළ වැඩිම අනුගාමිකයින් පිරිසක් සිටින ක්‍රීඩකයා වන පෘතුගාල පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඔහුගේ දිගුකාලීන සහකාරිය වන ජෝර්ජිනා රොඩ්‍රිගස් විවාහ වී තිබෙනවා.
වසර 10කට ආසන්න කාලයක් පැවති ඔවුන්ගේ පෙම් සබඳතාවයෙන් අනතුරුව මෙම විවාහ උත්සවය පෘතුගාලයේ කැස්කයිස් ප්‍රදේශයේදී අඟහරුවාදා දින පැවැති බව රොනාල්ඩෝගේ මාධ්‍ය කණ්ඩායම සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
41 හැවිරිදි රොනාල්ඩෝ සිය විවාහ මුදු පැළඳ සිටින යුවළගේ අත් දෙකෙහි ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුමට එක් කරමින් “C ❤️ G” යනුවෙන් සටහනක් ද තබා තිබෙනවා.
ඉතා පෞද්ගලික හා සරල අන්දමින් පැවැති මෙම විවාහ උත්සවයට ඔවුන්ගේ දරුවන් ද සහභාගී වී සිටියා.
2016 වසරේදී මැඩ්රිඩ් නගරයේ වෙළෙඳසලකදී හමු වූ මොවුන් දෙදෙනා මේ වන විට සමාජ මාධ්‍ය වේදිකා හරහා මිලියන 750කට අධික අනුගාමිකයින් පිරිසකට හිමිකම් කියන ලොව ප්‍රකටම යුවළක් ලෙස සැලකෙනවා.