කෘත්‍රිම ආහාර පිටුපස ඇති නොසිතූ අන්තරාය.. තරුණ පරපුර බඩවැල් රෝගවලට ගොදුරු වීමේ අවදානමක..
Friday, 14 August 2026 - 15:48 | Views - 45
තරුණ තරුණියන් කෘත්‍රිම හා ක්ෂණික ආහාර සඳහා වැඩිපුර නැඹුරු වීමේ අහිතකර ප්‍රතිඵලයක් ලෙස ඔවුන් බඩවැල් ආශ්‍රිත රෝගවලට ගොදුරු වීමේ විශාල ප්‍රවණතාවක් මතුව ඇති බව ආමාශ ආන්ත්‍රික හා අක්මා සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සුපුන් කුලතුංග අනතුරු අඟවනවා.

වර්තමාන තරුණ පරපුර එළවළු, පලතුරු, කොළ වර්ග, ධාන්‍ය සහ තන්තුමය ආහාර භාවිතයෙන් ඈත්වීම මෙලෙස රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම දෛනිකව ලබාගන්නා යම් යම් ඖෂධ වර්ග මෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය වැනි තත්ත්වයන් හේතුවෙන්ද නිතර නිතර වැසිකිළි යාමට සිදුවීම වැනි බඩවැල් ආශ්‍රිත වෙනස්කම් ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළා.

යම් අයෙකුට හදිසියේම වැසිකිළි යාමේ රටාවේ යම් වෙනසක් සිදුවී, එම තත්ත්වය සති කිහිපයක් තිස්සේ නොකඩවා පවතින්නේ නම් හෝ දීර්ඝකාලීන මලබද්ධය වැනි ලක්ෂණ ඇත්නම්, එය සුළුකොට නොතකා වහාම සුදුසුකම් ලත් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top