වාග් චිකිත්සකවරුන් 52කට හෙට පත්වීම්.. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අලුත් මානව සම්පතක්..
Wednesday, 12 August 2026 - 16:47 | Views - 43
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (13) පෙරවරු 11.00ට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම උත්සවයේදීම විකිරණ ශිල්පී අනුස්ථාපන සමායෝජන පුහුණුව සඳහා තවත් 64 දෙනෙකු වෙත බඳවා ගැනීමේ ලිපි ප්‍රදානය කිරීම ද සිදුකිරීමට නියමිතයි.

මෙරට රෝහල් පද්ධතිය තුළ පවතින කාර්ය මණ්ඩල හිඟයට පිළියම් යොදමින්, විධිමත් පුහුණුවලින් සපිරි මානව සම්පතක් හරහා මහජනතාවට වඩාත් කාර්යක්ෂම, ගුණාත්මක හා අඛණ්ඩ නිදහස් සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීම මෙම නව බඳවා ගැනීම්වල ප්‍රධාන අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top