අඟුලාන මුහුදු තීරයේ හදිසි නාවික මෙහෙයුමක්.. අනතුරට පත් ඩෝරා යාත්‍රාවේ සිටි 11 දෙනා බේරා ගනී.
Saturday, 15 August 2026 - 14:34 | Views - 82
අඟුලාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩෝරා වර්ගයේ වේගවත් ප්‍රහාරක යාත්‍රාවක් හදිසි අනතුරකට ලක්වීමේ පුවතක් වාර්තා වනවා.

අඟුලාන ආසන්න මුහුදේ සක්‍රීය රාජකාරි සහ නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති අතර, සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදා මුදාගැනීමේ කණ්ඩායම් සහ ආරක්ෂක අංශ විසින් අදාළ යාත්‍රාවේ ගමන් කළ නාවික හමුදා නිලධාරීන් 11 දෙනෙකුම මේ වන විට නිරුපද්‍රිතව මුදාගැනීමට සමත්ව තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මෙම පිරිස මුදාගත් බව නිල වශයෙන් තහවුරු කර සිටිනවා.

අනතුර සිදුවූ ස්ථානය ආශ්‍රිතව සහන සැලසීමේ සහ වැඩිදුර නිරීක්ෂණ මෙහෙයුම් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් බෙල් 412 (Bell 412) වර්ගයේ විශේෂ හෙලිකොප්ටර් යානයක් ද වහාම යොදවා ඇති බව වාර්තා වුණා.

මුහුදු තීරයේ ඇති වූ මෙම අනතුරට හේතුව සහ යාත්‍රාවට සිදුව ඇති හානිය පිළිබඳව සෙවීම සඳහා නාවික හමුදාව මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top