Spider-Man මංගල දර්ශනයේදී හැමෝගෙම අවධානය දිනූ අතිෆා අර්ෂාඩ්ගේ අපූරු සාරි විලාසිතාව මෙන්න..
ලන්ඩනයේ පැවැති 'Spider-Man: Brand New Day' චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා ලොව පුරා ප්‍රසිද්ධ තාරකාවන් රැසක් උසස් මට්ටමේ ගවුම් සහ විලාසිතාවලින් සැරසී පැමිණ සිටිය ද, එදින රාත්‍රියේ සැමගේ අවධානය දිනාගැනීමට සමත් වූයේ අතිශය අපූරු 'Spidey Saree' එකයි.
ලන්ඩන් නුවර පදිංචි රූපලාවන්‍ය ශිල්පිනියක සහ Beauty content creator වන අතිෆා අර්ෂාඩ් (Atifa Arshad) මෙම සුවිශේෂී සාරියෙන් සැරසී රතු පලස මතට පැමිණ සිටියා.
ලන්ඩනයේ පදිංචි ලෙබනන ජාතික මෝස්තර නිරූපණ ශිල්පිනී රීටා කරන්බාච් (Rita Qaranbach) විසින් මෙම කළු පැහැති සාරිය නිර්මාණය කර ඇති අතර, එහි ස්පයිඩර් මෑන්ගේ මකුළු දැල (spiderweb) රටාව රතු පැහැති එම්බ්‍රොයිඩර් මගින් ඉතා ආකර්ෂණීය ලෙස සකසා තිබුණා.
මෙම සාරිය අතිෆාගේ පාකිස්තානයේ සිටින පවුලේ ඇඳුම් මසන්නා (family tailor) විසින් මසා නිමකර තිබීම ද විශේෂත්වයක්.
සුප්‍රකට රූපලාවන්‍ය හා විලාසිතා ශිල්පී ලෝ රෝච් (Law Roach) පවා අතිෆාගේ මෙම විලාසිතාව අගය කරමින් සමාජ මාධ්‍ය සටහනක් එක්කර තිබුණා.
මේ අතර, චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සහ නිළිය වන ටොම් හොලන්ඩ් (Tom Holland) සහ සෙන්ඩෙයා (Zendaya) ද ස්පයිඩර් මෑන් තේමාවට ගැලපෙන පරිදි ඉතා අලංකාර ලෙස සැරසී සිටියා.
සෙන්ඩෙයා 'Tamara Ralph' හි සුදු පැහැති ගවුමකින් සැරසී සිටි අතර එහි පිටුපස රත්රන් පැහැති මකුළු හැඩැති බ්‍රෝච් එකක් (spider brooch) පළඳා සිටියා.
ටොම් හොලන්ඩ් ද තම ගෙල පළඳනාවේ (neck tie) වෙනස් වන සුළු වර්ණ සහිත මකුළු හැඩැති බ්‍රෝච් එකක් පළඳිමින් රතු පලස ආලෝකවත් කළා.