අ.පො.ස උසස් පෙළ විභාගය අද ඇරඹෙයි.. විභාග අපේක්ෂකයින්ගේ අවධානයට විශේෂ දැනුම්දීමක්..
Monday, 10 August 2026 - 8:53 | Views - 35
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය අද (10) දිනයේ සිට ආරම්භ වන අතර, ලබන සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,532කදී විභාග කටයුතු පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

සියලුම විභාග අපේක්ෂකයින් වලංගු අනන්‍යතාපත්‍රයක් ද සමඟින් නියමිත වේලාවට පැයකට පෙර අදාළ විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම විභාගය පැවැත්වෙන කාලය තුළ කිසියම් ආපදා තත්ත්වයක් මතු වුවහොත් ඒ සඳහා මුහුණ දීමට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව සකස් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

මේ අතර විභාගයට පෙනී සිටින සියලුම අපේක්ෂකයින් සඳහා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විශේෂ දැනුම්දීමක් සිදු කර සිටිනවා.

පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර විදුහල්පතිවරුන් වෙතටත්, පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර තැපෑලෙන් අදාළ ලිපින වෙතටත් යවා අවසන් බැවින්, විභාගයට පෙනී සිටීමට පෙර තම ප්‍රවේශපත්‍රයේ අත්සන නිසි පරිදි සහතික කරවා ගැනීමට දරුවන් කටයුතු කළ යුතු වෙනවා.

යම් හෙයකින් ප්‍රවේශපත්‍රය හානි වී හෝ අස්ථානගත වී ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එය භාගත කරගෙන සහතික කරවා ගැනීමට ද හැකියාව පවතිනවා.

එමෙන්ම ජාතික හැඳුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය යන ලේඛනවලින් එකක් වලංගු අනන්‍යතාපත්‍රයක් ලෙස දිනපතා විභාග ශාලාවට රැගෙන යාම අනිවාර්යය වෙනවා.

කිසියම් හෙයකින් මෙම අනන්‍යතාපත්‍රයක් අස්ථානගතව ඇත්නම්, තැපැල් හැඳුනුම්පතට භාවිත කරන ප්‍රමාණයේ ඡායාරූප දෙකක් රැගෙන පාසලේ විදුහල්පති ලවා සහතික කරගෙන තාවකාලික බලපත්‍රයක් සකසා ගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් මතක් කර සිටිනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
ගෝල්ඩන් ග්ලෝබ් සහ එමී සම්මානලාභී ප්‍රකට හොලිවුඩ් නිළි සහ 'බිම්බෝම්බ උපදේශක...
Hiru Tv Blog
නිරූපණ ක්ෂේත්‍රයේ වගේම රංගන ක්ෂේත්‍රයෙත් හරිම දක්ෂ, නිරාහංකාර චරිතයක් විදිහට...
Hiru Tv Blog
ඇයගේ ලස්සන නම් ඇත්ත වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. චතූ රාජපක්ෂ කියන්නේ නව පරපුරේ...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top