ඔබේ නිවසේ Wi-Fi Slow වෙන්නේ මේ දේවල් හින්දාද? රේඩියෝ තරංග අවහිර වන ඇත්තම හේතුව මෙන්න....
Monday, 13 July 2026 - 11:30 | Views - 38
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා භාවිත කරන ඉතාමත් සාමාන්‍ය සහ පුදුම හිතෙන දේවල් රැසක් නිසා රවුටරයේ සිග්නල්වලට දැඩි ලෙස බාධා එල්ල විය හැකි බව විද්‍යාඥයින් පවසනවා.

1993 වසරේදී එක්සත් ජනපදයේ කානගී මෙලන් විශ්වවිද්‍යාලයේදී පළමු විශාල Wi-Fi ජාලය ගොඩනැගූ කණ්ඩායමේ නායක ඇලෙක්ස් හිල්ස් (Alex Hills), මෙම බාධා පමුණුවන වස්තූන් හඳුන්වන්නේ "Bad Boys of Radio" යන නමින්.

පළමු සුවිශේෂී බාධකය වන්නේ මයික්‍රෝවේව් උඳුන්යි. සාමාන්‍යයෙන් බොහෝ Wi‑Fi ජාල සහ Bluetooth උපාංග භාවිත කරන්නේ 2.4 GHz සංඛ්‍යාතයයි. පුදුමයකට කරුණක් නම්, මයික්‍රෝවේව් උඳුන් ආහාර රත් කිරීමට භාවිත කරන්නේ ද මෙම සංඛ්‍යාතයම වීමයි. මේ නිසා දුර්වල හෝ පැරණි මයික්‍රෝවේව් උඳුන් ක්‍රියාත්මක වන විට ඉන් පිටවන තරංග, Wi‑Fi ගුවන්විදුලි තරංග සමඟ සෘජුවම ගැටී සන්නිවේදනය අඩාල කරනවා.

දෙවන පුදුමසහගත බාධකය වන්නේ නිවෙස්වල ඇති මාළු ටැංකියි. Wi-Fi තරංග සහ ජලය යනු එකිනෙකා සමඟ කිසිසේත් නොගැලපෙන සාධක දෙකකි. ජල අණු කුඩා චුම්බක මෙන් ක්‍රියා කරමින් ගුවන්විදුලි සංඥාවල ශක්තිය දැඩි ලෙස අවශෝෂණය කරගන්නා බැවින්, රවුටරය සහ පරිගණකය අතර මාළු ටැංකියක් තිබීමෙන් සිග්නල් මුළුමනින්ම නැති වී යා හැකියි. බිත්ති සඳහා කොන්ක්‍රීට් හෝ ගඩොල් භාවිත කිරීමෙන් ද මෙලෙස ආවරණ බාධා ඇතිවනවා.

මීට අමතරව, නිවසේ ඇති විශාල දර්පන සහ රූපවාහිනී තිර වැනි පැතලි, දිලිසෙන මතුපිටවල් මඟින් ද රේඩියෝ තරංග වෙනත් අතකට පරාවර්තනය කරනු ලබනවා. එසේම, අධික තාපය, හිමපතනය හෝ කේබල් ඇතුළත ලෝහවලට හානි සිදුවීම වැනි දේශගුණික විපර්යාසයන් ද චන්ද්‍රිකා සංඥා අවහිර කරමින් Internet සබඳතා සම්පූර්ණයෙන්ම මන්දගාමී කිරීමට සමත් වනවා.

මෙම ගැටලුවලින් බේරී ඔබේ Wi-Fi සම්බන්ධතාව උපරිමයෙන් වැඩිදියුණු කර ගැනීම සඳහා, රවුටරය සැමවිටම නිවසේ මධ්‍යගත ස්ථානයක සහ හැකිතාක් ඉහළින් තැබීමට පියවර ගත යුතුයි. එමෙන්ම, නිවසේ බාධක මඟහැර සිග්නල් ශක්තිමත්ව ව්‍යාප්ත කිරීම සඳහා Wi-Fi Extender උපාංගයක් භාවිත කිරීම හෝ වඩාත් නවීන 5 GHz සංඛ්‍යාත පද්ධති වෙත මාරු වීම ඉතාමත් ප්‍රායෝගික විසඳුමක් ලෙස ඇලෙක්ස් හිල්ස් පෙන්වා දෙනවා.

මූලාශ්‍රය : BBC පුවත්..
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
දිවයින පුරා මාරක ඩෙංගු රෝගය වැළඳී ඇත්නම්...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top