"පියා මෙන්ම කලාකරුවන්ට උපරිම සේවය ඉටු කරනවා.." ගායක ගායිකා සංගමයට විපක්ෂ නායක සජිත්ගෙන් ලක්ෂ 5ක පරිත්‍යාගයක්..
Monday, 10 August 2026 - 10:13 | Views - 38
ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය විසින් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී සංවිධානය කරන ලද අරමුදල් රැස්කිරීමේ විශේෂ උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම සංගමයේ සුබසාධන අරමුදල වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක (රුපියල් 500,000) මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.

ගායක ගායිකා සංගමයේ නියෝජිතයින් විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දෙන ප්‍රවීණ හා නවක කලාකරුවන්ට සහාය වීම සඳහා මෙම මුදල් පරිත්‍යාගය සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කලා ප්‍රජාව රැකගැනීම සහ ඔවුන්ට සහාය වීම ජාතික වගකීමක් බව මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළා.

සංගීතය යනු සෑම විටම මිනිසාට මානසික සැනසිල්ල ලබාදෙන මෙන්ම මානසික ආතතිය දුරු කිරීමට උපකාරී වන ප්‍රබල කාරකයක් බව ද හෙතෙම පෙන්වා දුන්නා.

එමෙන්ම තමන්ගේ පියාණන් වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මෙන්ම තමා ද ඉදිරියටත් මෙරට කලාකරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා කළ හැකි උපරිම සේවය ඉටු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී වැඩිදුරටත් සහතික වුණා.
Share This Article
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
ප්‍රකට ඉන්දියානු නළු කමල් හසන්ගේ දියණිය මෙන්ම ජනප්‍රිය සිනමා රංගන ශිල්පිනියක...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top