සුපිරි නිළි ශ්‍රැති හසන්ගේ රූපයට AI හරහා හානි කළ අයට වැඩ වරදී.. ඇයට සිදුවූ අසාධාරණයට එරෙහිව මුම්බායි මහා අධිකරණයේ නඩුවක්..
Sunday, 09 August 2026 - 17:41 | Views - 52
ප්‍රකට ඉන්දියානු නළු කමල් හසන්ගේ දියණිය මෙන්ම ජනප්‍රිය සිනමා රංගන ශිල්පිනියක වන ශ්‍රැති හසන් (Shruti Haasan), තමන්ගේ ඡායාරූප, හඬ සහ අනන්‍යතාව කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩීප්ෆේක් (Deepfake) තාක්ෂණය ඔස්සේ නීති විරෝධී ලෙස භාවිත කිරීමට එරෙහිව මුම්බායි මහා අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා.

කෘත්‍රිම බුද්ධිය සහ ඩීප්ෆේක් තාක්ෂණය භාවිත කරමින් තමන්ගේ මුහුණ වෙනස් කර අසැබි සහ නුසුදුසු ඡායාරූප හා වීඩියෝ දර්ශන නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහැර ඇති බව ඇය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමේ සඳහන් වෙනවා.

මෙලෙස තමන්ව අසැබි ලෙස නිරූපණය කරන අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ ප්‍රචාරය කිරීම වහාම තහනම් කරන ලෙසත්, දැනටමත් සමාජ මාධ්‍ය ජාලවලට එක්කර ඇති එවැනි ඡායාරූප සහ වීඩියෝ දර්ශන වහාම ඉවත් කිරීමට නියෝග කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ඊට අමතරව, තමන්ගේ පූර්ව අනුමැතියකින් තොරව තමන්ගේ නම, රූපය සහ හඬ වාණිජ කටයුතු හා වෙළෙඳ දැන්වීම් සඳහා ද භාවිත කර ඇති බව ඇයගේ පෙත්සමේ දැක්වෙනවා.

මෙලෙස තමන්ගේ පුද්ගලික අනන්‍යතාව සහ පෞරුෂ අයිතිවාසිකම් නීති විරෝධී ලෙස යොදාගැනීමට වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉන්දියානු රුපියල් කෝටි 15ක වන්දි මුදලක් අය කරදෙන ලෙස ද රුති හසන් මුම්බායි මහා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
ප්‍රකට ඉන්දියානු නළු කමල් හසන්ගේ දියණිය මෙන්ම ජනප්‍රිය සිනමා රංගන ශිල්පිනියක...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top