ඩෙංගු අවදානම 82,000 පනී.. රට හමුවේ ඇති බරපතල සෞඛ්‍ය තර්ජනය..
Monday, 27 July 2026 - 12:40 | Views - 155
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය පැතිර යාමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළා. වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ පමණක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,011 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විශේෂයෙන්ම පසුගිය ජූලි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 26,636 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එය වසරේ තනි මාසයක් තුළ වාර්තා වූ ඉහළම රෝගීන් සංඛ්‍යාව ලෙස සෞඛ්‍ය දත්ත වාර්තා පෙන්වා දුන්නා.

ඩෙංගු රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය දැනුම් දුන්නා. මෙම කනගාටුදායක තත්ත්වය අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ කාන්තාවන් අතරින් වීම විශේෂත්වයක්. ඒ අනුව මියගිය පිරිස අතර කාන්තාවන් 47 දෙනෙකු සහ පාසල් වයසේ පසුවන ළමුන් 06 දෙනෙකු ඇතුළත් වන බව වාර්තා වනවා.

රෝග ලක්ෂණ මතු වූ වහාම නිසි වෛද්‍ය උපදෙස් ලබා නොගැනීම සහ ස්වයන් රැකවරණ ඖෂධ භාවිත කිරීම මරණ සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දුන්නා.

පවතින පරිසර තත්ත්වයන් සහ ජනගහන ඝනත්වය පදනම් කරගනිමින් දිස්ත්‍රික්ක කිහිපයක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස රැසක් අධි අවදානම් කලාප ලෙස හඳුනා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් මෙන්ම මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ නාගරික සහ තදාසන්න ප්‍රදේශවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනවා.

අවිධිමත් ලෙස කැලිකසළ බැහැර කිරීම, වසා දමා ඇති ඉඩම් සහ නිවාස, මෙන්ම වහලවල පිහිටි පීලිවල ජලය රඳා පැවතීම මදුරු කීටයන් බෝවීමට ප්‍රධාන ලෙසම බලපා තිබෙන බව පාරිසරික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

දින දෙකකට වඩා පවතින තද උණ, අධික හිසරදය, ඇස් යට වේදනාව, පේෂි සහ සන්ධි වේදනාව මෙන්ම වමනය වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම උණ සඳහා පැරසිටමෝල් හැර Ibuprofen, Mefenamic Acid සහ Aspirin වැනි NSAIDs කාණ්ඩයේ ඖෂධ භාවිත කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස වෛද්‍යවරුන් දැඩි ලෙස අවධාරණය කළා.

ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පාසල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, මෙන්ම නාගරික නිවාස පරිශ්‍ර පරීක්ෂා කිරීමේ විශේෂ ඩෙංගු මර්දන ශ්‍රමදාන සහ පරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

මදුරු කීටයන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළා. තමන් ජීවත් වන සහ සේවය කරන පරිසරය සතියකට වරක්වත් පරීක්ෂා කර මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට දායක වන ලෙස සෞඛ්‍ය අංශ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top