ඇනිමේෂන් ලෝලීන්ට මෙන්න සුපිරිම ආරංචියක්.. ලොව සුපතල "Avatar: The Last Airbender" අලුත්ම චිත්‍රපටය එන දවස වෙනස් වෙයි..
Thursday, 09 July 2026 - 17:08 | Views - 267
ලොව පුරා අතිශය ජනප්‍රිය වූ “Avatar: The Last Airbender” සජීවීකරණ (Animated) කතා මාලාවේ ඉදිරි කතාව රැගත් නවතම චිත්‍රපටය වන “Avatar Aang” සැලසුම් කර තිබූ දිනට වඩා කලින්, එනම් එළඹෙන ජූලි මස 25 වැනිදා Paramount+ නාලිකාව ඔස්සේ ගෝලීය වශයෙන් මුදාහැරීමට Paramount සමාගම තීරණය කර තිබෙනවා.

මෙම චිත්‍රපටය මුලින්ම ඔක්තෝබර් 9 වැනිදා සිනමාශාලාවල ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබූ නමුත්, පසුව එය 2025 දෙසැම්බර් මාසයේදී ඍජුවම streaming හරහා නිකුත් කිරීමට වෙනස් කෙරුණා. කෙසේ වෙතත්, පසුගිය අප්‍රේල් මාසයේදී මුළු චිත්‍රපටයම අන්තර්ජාලයට Leak වීම නිසා, මෙලෙස එහි නිල මුදාහැරීම ජූලි මාසය දක්වා කඩිනම් කිරීමට නිෂ්පාදකයන් තීරණය කර තිබෙනවා.

චිත්‍රපටයේ නිල තේමාවට අනුව, ලොව අවසන් ගුවන් මෙහෙයවන්නා (Airbender) වන ඇන්ග් (Aang), සිය සංස්කෘතිය වඳවී යාමෙන් බේරාගත හැකි පැරණි බලයක් පිළිබඳව දැනගන්නවා. ඒ අනුව ඔහු සිය මිතුරන් සමඟ එක්ව, එම බලය වැරදි දෑත්වලට පත්වීමට පෙර සොයාගැනීමේ ගෝලීය මෙහෙයුමක නිරත වනවා. මෙහි ඇන්ග් සඳහා එරික් නැම් (Eric Nam) ද, ටගා (Tagah) නැමැති පැරණි එයාර්බෙන්ඩර්වරයා සඳහා ප්‍රකට නළු ඩේව් බැටිස්ටා (Dave Bautista) ද හඬ දායකත්වය සපයනවා.

මෙය 2021 වසරේදී ආරම්භ කරන ලද ‘Avatar Studios’ හි පළමු නිල නිර්මාණය වන අතර, ඔවුන් මේ වන විට 2027 වසරේදී නිකුත් කිරීමට නියමිත “Avatar: Seven Havens” නැමැති අලුත්ම ඇනිමේෂන් කතා මාලාවේ වැඩකටයුතු ද ආරම්භ කර තිබෙනවා. 2005-2008 කාලයේ විකාශය වූ මුල් Avatar කතා මාලාව, ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ඇනිමේෂන් නිර්මාණයක් ලෙස සිනමා විචාරකයන්ගේ ඉහළ ඇගයීමට ලක්වූවකි.

මූලාශ්‍රය : Variety
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top