වයස අවුරුදු දෙකට පෙර සීනි පරිභෝජනය සීමා කිරීමෙන් ලැබෙන දිගුකාලීන වාසි.. විද්‍යාඥයින් අනාවරණය කළ වෙනස්ම කතාව..
Friday, 31 July 2026 - 13:32 | Views - 152
වයස අවුරුදු දෙකට පෙර සීනි පරිභෝජනය සීමා කිරීම මගින් වයස්ගත වීමේදී මොළයේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට සහ ඩිමෙන්ෂියාව වැළඳීමේ අවදානම අඩු කිරීමට හැකි වන බව නව පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් රාජධානියේ සීනි සලාක ක්‍රමය අවසන් වීමත් සමග ජනතාවගේ සීනි පරිභෝජනය හදිසියේ ඉහළ යාම පදනම් කරගනිමින් මෙම විශේෂ අධ්‍යයනය සිදුකළ බවයි පර්යේෂකයින් ප්‍රකාශ කළා.

1953 සැප්තැම්බර් මාසයේදී සීනි සලාක ක්‍රමය අවසන් වීමෙන් පසුව, සාමාන්‍ය පුද්ගලයෙකුගේ දෛනික සීනි පරිභෝජනය ග්‍රෑම් 41ක පමණ ප්‍රමාණයේ සිට ග්‍රෑම් 80 දක්වා ඉහළ ගිය බව විද්‍යාඥයින් පෙන්වා දුන්නා.

එක්සත් රාජධානියේ UK Biobank ව්‍යාපෘතියට සහභාගී වූ පුද්ගලයින් 65,000කට ආසන්න පිරිසකගේ දත්ත විශ්ලේෂණය කරමින් මෙම නිගමනයට පැමිණ තිබෙනවා.

ඒ අනුව, වයස අවුරුදු දෙකට පෙර සීනි සීමා වූ පරිසරයක හැදී වැඩුණු පුද්ගලයින්ට ඩිමෙන්ෂියාව වැළඳීමේ අවදානම සියයට 23කින් පමණ අඩු බවත්, එම රෝගය හඳුනාගැනීම සාමාන්‍යයෙන් වසර දෙකහමාරකින් ප්‍රමාද වූ බවත් පර්යේෂකයින් සඳහන් කළා.

ජීවිතයේ මුල් අවධියේ සීනි පරිභෝජනය සීමා කිරීම මොළයේ සෞඛ්‍යයට දිගුකාලීන වාසි ලබාදෙන බව පර්යේෂණ කණ්ඩායමේ ජියාෂෙන් ෂෙන්ග් (Jiazhen Zheng) පෙන්වා දුන්නා.

කෙසේ වෙතත්, එම සම්බන්ධතාවය තවදුරටත් තහවුරු කිරීමට අමතර පර්යේෂණ අවශ්‍ය බවද ඔහු අවධාරණය කර සිටියා.

මෙය නිරීක්ෂණාත්මක අධ්‍යයනයක් වන බැවින්, සීනි අඩුවෙන් ආහාරයට ගැනීම මගින් ඩිමෙන්ෂියාව සෘජුවම වළක්වන බවට නිශ්චිතව තහවුරු කළ නොහැකි බව විශේෂඥයින් මත පළ කළා.

එමෙන්ම, 1940 සහ 1950 දශකවල උපත ලැබූ පුද්ගලයින්ගේ දත්ත මත පදනම් වූ මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල වර්තමාන දරුවන්ට සෘජුවම අදාළ කරගැනීමේදී ප්‍රවේශම් විය යුතු බව විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නා.

එසේ වුවද, සමබල ආහාර වේලක් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු මොළයේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට ඉතා වැදගත් වන බවත්, ඒ සඳහා හොඳ පුරුදු ආරම්භ කිරීමට කිසිවිටෙකත් ප්‍රමාද නොවන බවත් විශේෂඥයින් වැඩිදුරටත් දැනුම් දුන්නා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top