ෆේස්බුක් පද්ධතියේ හදිසි බිඳවැටීමක්.. ලොව පුරා ගිණුම් රැසක් තාවකාලිකව අක්‍රිය වෙලා..
Sunday, 19 July 2026 - 14:33 | Views - 49
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන් එහි පරිශීලකයන් රැසක් තම ගිණුම් වෙත පිවිසීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවට Newsweek ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පද්ධතියේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගිණුම් තාවකාලිකව අක්‍රිය වී ඇති බවට (temporarily unavailable) වෙබ් අඩවිය සහ යෙදවුම (App) තුළ නිවේදනයක් දර්ශනය වන බව පරිශීලකයෝ පවසන අතර සජීවී අන්තර්ජාල බිඳවැටීම් නිරීක්ෂණය කරනු ලබන 'ඩවුන්ඩිටෙක්ටර්' (Downdetector) වෙබ් අඩවියේ දත්තවලට අනුව, මෙම ගැටලුව ඇමරිකානු වේලාවෙන් අද අලුයම 3:25 ට පමණ ආරම්භ වී තිබෙනවා. විශේෂයෙන්ම අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක දහස් සංඛ්‍යාත පරිශීලකයන් පිරිසක් ෆේස්බුක් පරිශීලනය කිරීමට නොහැකි බවට මේ වන විටත් පැමිණිලි ඉදිරිපත් කරමින් සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

ෆේස්බුක් ගිණුම් වෙත පිවිසීමට උත්සාහ කිරීමේදී, "වෙබ් අඩවියේ පවතින ගැටලුවක් හේතුවෙන් ඔබගේ ගිණුම දැනට භාවිත කළ නොහැක.

මෙම දෝෂය නුදුරේදීම විසඳීමට අප බලාපොරොත්තු වන අතර, කරුණාකර මිනිත්තු කිහිපයකින් නැවත උත්සාහ කරන්න" (Your account is currently unavailable due to a site issue...) යනුවෙන් නිල පණිවුඩයක් එහි සටහන් වන අතරම මව් සමාගම වන මෙටා (Meta) ආයතනය විසින් මෙම පද්ධති දෝෂය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top