AI ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භයක්.. ට්‍රිලියන 2.8ක බලසම්පන්න AI ආකෘතිය නොමිලේ බාගත කරගන්නා හැටි මෙන්න.
Saturday, 01 August 2026 - 9:07 | Views - 261
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා සිට පූර්ණ වශයෙන් ලොව පුරා මහජනතාවට විවෘත කිරීමට චීන Moonshot AI සමාගම පියවර ගත් බව වාර්තා වනවා.

ලොව මෙතෙක් නිර්මාණය කළ විශාලතම විවෘත මූලාශ්‍ර AI ආකෘතිය වන මෙහි සමස්ත පරාමිතීන් ප්‍රමාණය ට්‍රිලියන 2.8ක් ලෙස සටහන් වන බව සඳහන් කළා.

මෙම Kimi K3 ආකෘතිය චීන Moonshot AI සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන අතර ඊට සම්පූර්ණ ආකෘති බර, තාක්ෂණික වාර්තා මෙන්ම ආකෘති පුහුණුව සඳහා සහාය වන මූලික තාක්ෂණ පහසුකම් තුනක් ද ඇතුළත් වීම විශේෂත්වයක්.

ඒ අනුව ලොව පුරා කෘත්‍රිම බුද්ධි සංවර්ධකයින්ට එය නොමිලේ බාගත කර දේශීයව භාවිත කළ හැකි බව ප්‍රකාශ කළා.

චීන මහා පරිමාණ AI ආකෘතියක් ලොවට විවෘත කළ පළමු අවස්ථාව මෙය නොවුණ ද, ට්‍රිලියන 2.8ක පරාමිතීන් සහිත විශාල ආකෘතියක් ගෝලීයව පූර්ණ වශයෙන් විවෘත කළ පළමු අවස්ථාව මෙය බව පෙන්වා දුන්නා.

මේ වසර ආරම්භයේ සිට චීනයේ කෘත්‍රිම බුද්ධි මහා පරිමාණ ආකෘති මූලාශ්‍ර විවෘත කිරීම් වේගවත් කර ඇති අතර මේ වන විට එම කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ සමාගම් සිය ආකෘති මූලාශ්‍ර ද විවෘත කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top