දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි.. ප්‍රබල සුළං සහ රළු මුහුද ගැන කාලගුණයෙන් රතු එළියක්..
Monday, 10 August 2026 - 9:22 | Views - 50
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (10) දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර, ඌව පළාතටත්, අම්පාර, මඩකළපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලටත් පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

ඊට අමතරව උතුරු මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 30ත් 40ත් දක්වා වූ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් නැවත දැනුම්දෙන තුරු එම මුහුදු ප්‍රදේශවල නාවික සහ ධීවර කටයුතුවලින් වළකින ලෙසට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මඩකළපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය, මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට මාතර දක්වා වන මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
ගෝල්ඩන් ග්ලෝබ් සහ එමී සම්මානලාභී ප්‍රකට හොලිවුඩ් නිළි සහ 'බිම්බෝම්බ උපදේශක...
Hiru Tv Blog
නිරූපණ ක්ෂේත්‍රයේ වගේම රංගන ක්ෂේත්‍රයෙත් හරිම දක්ෂ, නිරාහංකාර චරිතයක් විදිහට...
Hiru Tv Blog
ඇයගේ ලස්සන නම් ඇත්ත වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. චතූ රාජපක්ෂ කියන්නේ නව පරපුරේ...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top