ඩෙංගු අවදානම තවමත් අවසන් නෑ.. රෝගීන් සංඛ්‍යාව අඩුවුවත් පරිසරය පිරිසිදුව තබාගන්නැයි ඉල්ලීමක්..
Saturday, 15 August 2026 - 14:45 | Views - 32
මෙරටින් දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර තිබෙනවා.

එම ඒකකය නිකුත් කළ නවතම දත්ත වාර්තාවලට අනුව, ඊයේ (14) දිනය තුළ සමස්ත දිවයිනෙන්ම වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 346 දෙනෙකු පමණි.

ඊයේ දිනට පෙර මුළු රෝගීන් සංඛ්‍යාව 91,346ක් ලෙස සටහන්ව තිබූ අතර, ඊයේ වාර්තා වූ රෝගීන් පිරිසත් සමග මේ වන විට වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,692 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා.

දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව යම් ප්‍රමාණයකින් පහළ බැස තිබුණද, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මරණ 68ක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් තහවුරු කර සිටිනවා.

මෙම තත්ත්වය හමුවේ දෛනික රෝගීන් අඩුවීම සැනසිලිදායක කරුණක් වුවද, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් සිය පරිසරය පිරිසිදුව තබා ගැනීමටත්, රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
ලංකාවේ සමාජ මාධ්‍ය තුළ වගේම කලා ක්ෂේත්‍රය ඇතුළේ නිතරම කතාබහට ලක්වෙන, ගොඩක්...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...
Hiru Tv Blog
ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, සිය විද්‍යුත් රථ නිෂ්පාදන...
Hiru Tv Blog
මේ වන විට ලොව පුරා ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලයේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top