ඇනිමේෂන් ලෝලීන්ට මෙන්න සුපිරිම ආරංචියක්.. ලොව සුපතල "Avatar: The Last Airbender" අලුත්ම චිත්‍රපටය එන දවස වෙනස් වෙයි..
Thursday, 09 July 2026 - 17:08 | Views - 194
ලොව පුරා අතිශය ජනප්රිය වූ “Avatar: The Last Airbender” සජීවීකරණ (Animated) කතා මාලාවේ ඉදිරි කතාව රැගත් නවතම චිත්රපටය වන “Avatar Aang” සැලසුම් කර තිබූ දිනට වඩා කලින්, එනම් එළඹෙන ජූලි මස 25 වැනිදා Paramount+ නාලිකාව ඔස්සේ ගෝලීය වශයෙන් මුදාහැරීමට Paramount සමාගම තීරණය කර තිබෙනවා.

මෙම චිත්රපටය මුලින්ම ඔක්තෝබර් 9 වැනිදා සිනමාශාලාවල ප්රදර්ශනය කිරීමට නියමිතව තිබූ නමුත්, පසුව එය 2025 දෙසැම්බර් මාසයේදී ඍජුවම streaming හරහා නිකුත් කිරීමට වෙනස් කෙරුණා. කෙසේ වෙතත්, පසුගිය අප්රේල් මාසයේදී මුළු චිත්රපටයම අන්තර්ජාලයට Leak වීම නිසා, මෙලෙස එහි නිල මුදාහැරීම ජූලි මාසය දක්වා කඩිනම් කිරීමට නිෂ්පාදකයන් තීරණය කර තිබෙනවා.

චිත්රපටයේ නිල තේමාවට අනුව, ලොව අවසන් ගුවන් මෙහෙයවන්නා (Airbender) වන ඇන්ග් (Aang), සිය සංස්කෘතිය වඳවී යාමෙන් බේරාගත හැකි පැරණි බලයක් පිළිබඳව දැනගන්නවා. ඒ අනුව ඔහු සිය මිතුරන් සමඟ එක්ව, එම බලය වැරදි දෑත්වලට පත්වීමට පෙර සොයාගැනීමේ ගෝලීය මෙහෙයුමක නිරත වනවා. මෙහි ඇන්ග් සඳහා එරික් නැම් (Eric Nam) ද, ටගා (Tagah) නැමැති පැරණි එයාර්බෙන්ඩර්වරයා සඳහා ප්රකට නළු ඩේව් බැටිස්ටා (Dave Bautista) ද හඬ දායකත්වය සපයනවා.

මෙය 2021 වසරේදී ආරම්භ කරන ලද ‘Avatar Studios’ හි පළමු නිල නිර්මාණය වන අතර, ඔවුන් මේ වන විට 2027 වසරේදී නිකුත් කිරීමට නියමිත “Avatar: Seven Havens” නැමැති අලුත්ම ඇනිමේෂන් කතා මාලාවේ වැඩකටයුතු ද ආරම්භ කර තිබෙනවා. 2005-2008 කාලයේ විකාශය වූ මුල් Avatar කතා මාලාව, ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ඇනිමේෂන් නිර්මාණයක් ලෙස සිනමා විචාරකයන්ගේ ඉහළ ඇගයීමට ලක්වූවකි.

මූලාශ්රය : Variety
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකේය සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ...
Hiru Tv Blog
අද වෙනකොට ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, අපුරූ හඬින් වගේම ආකර්ෂණීය...
Hiru Tv Blog
සංගීත් සහ දිනී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකා යුවලවල් අතර වැජබෙන...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන ඇපල් (Apple) සමාගම විසින්...
Hiru Tv Blog
Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය (Google Drive for Desktop) හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top