හොලිවුඩයම කැළඹූ නිල නිවේදනය.. රහසින් විවාහ වූ Tom Holland සහ Zendaya පළමු වරට කැමරා ඉස්සරහට ආපු හැටි මෙන්න.
Friday, 19 June 2026 - 11:25 | Views - 313
ලොව පුරා මිලියන ගණනක් රසිකයින් පිස්සු වැට්ටූ හොලිවුඩයේ සුපිරිම මෙන්ම ආදරණීයම යුවළක් වන Tom Holland සහ Zendaya ගැන මුළු ලෝකයම කතා වෙන උණුසුම්ම පුවතක් විදෙස් මාධ්‍යවලින් වාර්තා වනවා.
 
ඒ මේ වසරේ මුල් භාගයේදී කාටත් හොරෙන් රහසිගතව විවාහ වුණු මොවුන් දෙදෙනා, විවාහයෙන් පස්සේ පළමු වතාවට එකට ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් සඳහා කරළියට පැමිණීම නිසයි.

ලොව පුරා අතිශය ජනප්‍රිය "Spider-Man" චිත්‍රපට මාලාවේ අලුත්ම සිනමාපටය වන "Spider-Man: Brand New Day" එළැඹෙන ජූලි 31 වනදා තිරගත වීමට නියමිතයි.

මෙහි ප්‍රචාරක කටයුතු (Promotions) සඳහා ලොව වටා යන චාරිකාව අතරතුරදීයි මේ අලුත් අඹුසැමියන් යුවළ එකට දකින්න ලැබෙන්නේ.

කසාද බැන්ඳට පස්සේ මාධ්‍යවලින් වසන් වෙලා රහසිගත ජීවිතයක් ගත කරපු නිසා, ඔවුන්ගේ මඟුල් පින්තූර දකින්න නැතිව දුක් වුණු රසිකයින්ට මේක ලොකු සැනසීමක් වෙලා තිබෙනවා.

මෙවර ප්‍රචාරක චාරිකාවේදී මොවුන් දෙදෙනා එකම වර්ණයේ ඇඳුම් නොඇන්දත්, එකිනෙකාට ගැළපෙන පරිදි ඉතා ආකර්ෂණීය ලෙස විලාසිතා ගැලපීම (Style coordination) කර තිබීම කැපී පෙනෙනවා.

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී: සෙන්දයා 'Christian Cowan' සන්නාමයේ (Brand) මාරක විලාසිතාවකින් සැරසී සිටි අතර, ටොම් හොලන්ඩ් 'Prada' සන්නාමයේ සුපිරි ඇඳුමකින් සැරසී සිටියා.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවරදී: ටොම් හොලන්ඩ් 'Thom Browne' සූට් එකකින්ද, සෙන්දයා 'Louis Vuitton' සහ 'Alexander McQueen' යන ලෝක ප්‍රකට සන්නාමයන්ගේ නවීනතම ඇඳුම්වලින් සැරසී රසිකයන් මවිත කිරීමට සමත් වුණා.


මීට පෙර 2017 වසරේදී "Spider-Man: Homecoming" චිත්‍රපටයේ ප්‍රචාරක චාරිකාව අතරතුරදී ද මොවුන් දෙදෙනා අතර ගොඩනැගෙමින් පැවති ආදර සබඳතාවය ලොව පුරා දැඩි අවධානයට ලක් වුණා.

එදා ඉඳන් අද වෙනකම් තමන්ගේ ආදරය ලස්සනට රැකගෙන, දැන් විවාහක යුවළක් විදිහට කරළියට ඇවිත් ඉන්න මේ දෙන්නාගේ පින්තූර අන්තර්ජාලය පුරා ලැව්ගින්නක් වගේ Share වෙමින් පවතිනවා.

ඉදිරි දිනවලදීත් ඔවුන් තවත් බෝම්බ වගේ විලාසිතා රැසකින් සැරසී කරළියට පැමිණෙනු ඇතැයි ක්ෂේත්‍රයේ විචාරකයෝ බලාපොරොත්තු වෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top