‘මර්ලින්’ රසිකයින්ගේ හදවත් රිදවූ අවාසනාවන්ත පුවතක්... ලංකාවේ අපිටත් සමීප වුණු ‘මර්ලින්’ කතාමාලාවේ "ඌතර් රජතුමා" සමුගනී.
ලොව පුරා මෙන්ම හිරු ටීවී හරහා සිංහලෙන් හඬකවා මෙරට ප්‍රේක්ෂකයින් අතරද අතිශය ජනප්‍රියත්වයට පත් වූ බ්‍රිතාන්‍යයේ ‘මර්ලින්’ (Merlin) රූපවාහිනී කතා මාලාවේ, ආතර් කුමරුගේ පියා වූ ‘ඌතර් පෙන්ඩ්‍රැගන්’ රජුගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ බ්‍රිතාන්‍ය නළු ඇන්තනී හෙඩ් (Anthony Head) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 72 වැනි වියේ පසුවුණා.
කලක සිට රෝගී තත්ත්වයෙන් පසු වූ ඇන්තනී හෙඩ්, නියුමෝනියාව හේතුවෙන් ඇති වූ සංකූලතා මත මියගිය බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග තහවුරු කර තිබෙනවා. ඔහු දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.
‘මර්ලින්’ කතා මාලාවට අමතරව ‘Buffy the Vampire Slayer’, ‘Ted Lasso’ සහ ‘Little Britain’ ඇතුළු ලොව පුරා ප්‍රසිද්ධියට පත් ටෙලි නාට්‍ය රැසක් හරහා ඔහු ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් වුණා. විශේෂයෙන්ම 1990 දශකයේ අගභාගයේ විකාශය වූ ‘බෆී’ (Buffy) කතා මාලාවේ ‘රූපට් ජයිල්ස්’ ලෙස කළ රංගනයෙන් ඔහු ජාත්‍යන්තර වශයෙන් දැඩි ප්‍රසිද්ධියක් ඉසිලුවා.
ඇන්තනී හෙඩ්ගේ අභාවය ලෝක සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට මෙන්ම ලාංකීය ‘මර්ලින්’ ප්‍රේක්ෂකයින්ටද මහත් කණගාටුවක් ගෙන දෙන පුවතක් වනු නොඅනුමානයි.