ලොවම මවිත කළ ඩයිනෝසර් පොසිලය.. විද්‍යාඥයින් සිදුකළ නවතම අනාවරණයන් රැසක් මෙන්න..
Friday, 15 May 2026 - 13:45 | Views - 184
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර පෘථිවියේ විසූ සුවිශේෂී දිගු බෙල්ලක් සහිත දැවැන්ත ඩයිනෝසර් විශේෂයක් හඳුනා ගැනීමට බ්‍රිතාන්‍ය හා තායිලන්ත පර්යේෂකයින් පිරිසක් සමත්වෙලා තිබෙනවා.

"නගාටයිටන්" (Nagatitan chaiyaphumensis) ලෙස නම් කර ඇති මේ සත්වයා, අග්නිදිග ආසියාවෙන් මෙතෙක් හමුවූ විශාලතම ඩයිනෝසරයා ලෙසයි සැලකෙන්නේ.

විද්‍යාඥයින් පෙන්වා දෙන පරිදි මූලික නිගමනවලට අනුව එම සත්වයාගේ බර ටොන් 27ක්ද, දිග මීටර් 27ක්ද බව සොයාගෙන තිබෙනවා.

මීට වසර මිලියන 100ත් 120ත් අතර කාලයකට පෙර ජීවත් වූ මේ සත්වයා, ප්‍රකට ටිරන්නෝසෝරස් රෙක්ස් (T-Rex) ඩයිනෝසරයාට වඩා වසර මිලියන 40ක් පමණ පැරණි වන අතර, ප්‍රමාණයෙන් දෙගුණයක් විශාල බවද පර්යේෂකයින් තහවුරු කළා.

මේ ඩයිනෝසර් පොසිල මුලින්ම හමුවී ඇත්තේ මීට දශකයකට පෙර තායිලන්තයේ චයියෆුම් (Chaiyaphum) ප්‍රදේශයේ පොකුණක් අසලිනි.

"නගාටයිටන්" යන නාමයේ "නගා" යන්නෙන් අග්නිදිග ආසියානු ජනප්‍රවාදවල එන නාගයාද, "ටයිටන්" යන්නෙන් ග්‍රීක පුරාවෘත්තවල එන දැවැන්ත දෙවිවරුන්ද අදහස් කෙරෙන බව පර්යේෂක කණ්ඩායම සඳහන් කළා.

ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් (UCL) හි ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු වන තිතිවුට් සේතපානිච්සකුල් (Thitiwoot Sethapanichsakul) මේ අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

ඔහු සිය උසටත් වඩා විශාල ඩයිනෝසර් පෙර පාදයක අස්ථියක් සමඟ සිටින ඡායාරූපයක්ද මාධ්‍ය වෙත නිකුත් කළා.

මේ සත්වයා තායිලන්තයේ "අවසාන ටයිටන්" විය හැකි බව ඔහු පවසනවා. මේ පොසිල හමුවූ පාෂාණ ස්ථරයෙන් පසුව එම කලාපය නොගැඹුරු මුහුදක් බවට පත්ව ඇති බැවින්, මින් ඉදිරියට මෙවැනි විශාල ශාකභක්ෂක ඩයිනෝසර් පොසිල හමුවීමේ ඉඩකඩ සීමිත වෙලා තිබෙනවා.

එමෙන්ම, පෘථිවියේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම හා ගෝලීය උෂ්ණත්වය ඉහළ මට්ටමක පැවති වකවානුවක, මෙවැනි දැවැන්ත ශරීර ඇති සතුන් එම උණුසුම් දේශගුණයට ඔරොත්තු දුන්නේ කෙසේද හා ඔවුන්ගේ ආහාර රටාවට එය බලපෑවේ කෙසේද යන්න පිළිබඳව නව විද්‍යාත්මක කරුණු රැසක් මේ අධ්‍යයනයෙන් අනාවරණය කරගෙන ඇති බව ප්‍රකාශ කළා.

BBC පුවත් ඇසුරෙන්.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත්...
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට...
Hiru Tv Blog
ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ්...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top